ඉන්ධන නිකුත් කිරීමේ දිනවල වෙනසක්

ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ඉන්ධන ලබාදීමේ දිනයන්වල වෙනසක් සිදුවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එළඹෙන 21 වනදා සිට එම වැඩසටහන දිවයින පුරා ආරම්භ කරන බවය.

ඒ අනුව තමන්ගේ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය (වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම) 0,1,2 නම් අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවලදී ඉන්ධන ලබාගත හැකිය.

තමන්ගේ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 3,4,5 නම් බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවලදී ඉන්ධන ලබාගත හැකිය.

තමන්ගේ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 6,7,8,9 නම් සඳුදා, බදාදා, සහ සිකුරාදා දිනවලදී ඉන්ධන ලබාගත හැකිය.

එළඹෙන 21 සිට 24 දින දක්වා කොළඹ තෝරාගත් ප්‍රදේශවල ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ඉන්ධන නිකුත් කිරීම අත්හදා බලන බවද අමාත්‍යවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published.