තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස් තැපැල් භාණ්ඩ භාරගැනීම මේ වනවිට යළි ආරම්භ කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවීම සහ සීමා කිරීම නිසා රටවල් කිහිපයක් සඳහා තැපැල් භාණ්ඩ භාරගැනීම එලෙස පසුගියදා අත්හිටුවා තිබුණි.
කෙසේවෙතත් එම මෙහෙයුම් මේ වනවිට නැවත ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය සහ ඊශ්‍රායලය සඳහා තැපැල් භාණ්ඩ භාරගැනීම මෙලෙස යළි ආරම්භ කර තිබේ.