පළමු ජය වෙනුවෙන් තියුණු සටනක්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම සිව්වන දිනය නිමාවන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 222ක් රැස්කරගැනීමට සමත්විය.

අගනා ඉනිමක් ගොඩනගමින් සුපිරි පිතිහරඹයක නියැලෙන Abdullah Shafique ලකුණු 112ක් ලබාගෙන නොදැවී පන්දුවට පහරදෙමින් සිටී.

දිනය නිමාවනවිට ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 5ක් ඇතුලත්ව තිබුණි.

නායක Babar Azam හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 55ක් රැස්කරගැනීමට සමත්විය.

ආරම්භයේ Abdullah සමඟ පිටියේ ස්ථාවර වෙමින් සිටි Imam-ul-Haq දික්වැල්ලගේ සුපිරි කඩුලු රැකීම හමුවේ දැවී ගියේය.

ඒ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේය.

ප්‍රභාත් ජයසූරිය පන්දුවාර 35ක් යොමුකරමින් කඩුලු දෙකක් දවාගැනීමට සමත්විය.

තරගය ජයගැනීමට නම් පාකිස්තාන කණ්ඩායම තවත් ලකුණු 120ක් රැස්කරගත යුතුව ඇත.

Leave a Reply

Your email address will not be published.