පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර ගැන විමර්ශනයට බ්‍රිතාන්‍ය පොලිසියේ සහාය ගන්න සූදානම්

විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩ බලන ජනපති පවසයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් නොපැවැත්වීම හේතුවෙන් ඒම ගැටලුව තවමත් සම්පූර්ණයෙන් විසඳී නැති හෙයින් ඒ් ගැන යළිත් සම්පූර්ණ අපක්ෂපාති සමාලෝචනයක් කරන බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) මේ බව සඳහන් කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය ඇද ගෙන යෑම අවශ්‍ය නොවන බව අවධාරණය කළ ඒ් මහතා එය විසඳීමට තමා කැප වන බවත් කොමිසමේ වාර්තාවට අමතරව තවත් වාර්තා ඇති බවත් මේ ගැන යළිත් සම්පූර්ණ අපක්ෂපාත සමාලෝචනයක් සිදු කිරිම සඳහා සියලු දෙනාම කැමති නම් එක්සත් රාජධානියේ සහ ඒහි පොලිසියේ සහයෝගය ලබා ගැනීමට තමා කැමති බවත් සඳහන් කළේය.

පැසිස්ට්වාදි ක්‍රමවේදයෙන් රටේ නීතිය සහ සාමය කඩ කිරිමට ඉඩ නොතබන බව සපථ කළ වැඩ බලන ජනාධිපතිවරයා රටේ ක්‍රමවේදය වෙනස් කළ යුතු යැයි කියන සාමකාමී අරගලකරුවන් සහ එයින් පිට අය සමග තමා සිටින බව අවධාරණය කළේය. සමාන මෙන්ම වෙනස් මත පැවතියත් ඔවුන් සමග සාකච්ඡා කිරීමට සුදානම් බව කී රනිල් වික්‍රමසිංහ මහතා රට බාර ගැනීමට සිටින තරුණයින්ගේ අදහස් අනුව ර‌ටේ පාලනයත් ආර්ථිකයත් සකස් කළ යුතු බව තම මතය බවත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.