විදුලි ගාස්තුව අගෝස්තු මුලසිට සියයට 69 කින් ඉහළට

ලබන මස (අගෝස්තු) මුල සිට විදුලි ගාස්තු ඉහළ දමන බවත් දැනට පවතින විදුලි ගාස්තුව ඒ අනුව සියයට 69 කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලය සියයට 130 ක ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටිය ද පහළම විදුලි පාරිභෝගිකයන්ට සහන ලබාදෙමින් උපරිම සාධාරණයක් වන ආකාරයට ගාස්තු ඉහළ දැමීම ක්‍රියාත්මක කරන බව ද කොළඹ දී ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවක දී රත්නායක මහතා සඳහන් කළේය.

ගාස්තු ඉහළ දැමීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට දුන් කාලය අවසන් වූ බවත් යෝජනා 150ක් පිළිබඳව අවධානය යොමු කර ඒ පිළිබඳ සමාලෝචනයක් මේ මස 28 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කරන බව ද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.