කිසිම විටෙක අරගලය පාවා දුන්නේ නැහැ ඉදිරියටත් එසේමයි

තමන් කිසිම විටෙක අරගලය පාවා නොදුන් බවත්, ඉදිරියටත් එය වෙනස් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂනායකවරයා එසේ පවසා සිටියේ පුරවැසි අරගලය නියෝජනය කරන කණ්ඩායම් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (18) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති අවස්ථාවේදීය. මෙම සතිය තුළ මෙරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කර ගැනීමේ කටයුත්ත සිදු වන අතර අරගලයේ පුරවැසි කණ්ඩායම් ඔවුන්ගේ ස්ථාවරය විපක්ෂ නායක තුමා වෙත දන්වා සිටියේය. තමන් හෝ තම පක්ෂය හෝ තම සන්ධානය හෝ කිසිම අවස්ථාවක අරගලයේ ඉල්ලීම් පාවා නොදුන් බව පැවසූ විපක්ෂ නායකතුමා ඉදිරියටත් එය සිදු නොවන බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published.