පොහොට්ටුවේ 105ක් රනිල් හමු වෙති

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) පස්වරුවේ පළාත් කිහිපයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

ඒ අනුව වයඹ, උතුරු මැද, උතුරු, නැගෙනහිර යන පළාත්වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 105ක් මෙලෙස වැඩබලන ජනාධිපතිවරයා හමුවූහ. සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව වැඩබලන ජනාධිපතිවරයා එම මන්ත්‍රීවරුන්ට එහිදී පොරොන්දු වී ඇතැයි වාර්තා වෙයි. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද මේ සාකච්ඡාවට සහභාගි වීය.

Leave a Reply

Your email address will not be published.