පොලිස් නිලධාරින්ට මාසික ගමන් වියදම් දීමනාව ලබා දෙන කාලය දිර්ඝ කෙරේ

පොලිස් නිලධාරින්ට ලබා දෙන සුබ සාධන කටයුතු පුළුල් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය පියවර කර තිබෙනවා.

විෂය භාර අමාත්‍ය ටිරාන් අලස්ගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරින්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව දින 14 සිට 21 දක්වා වැඩි කර ඇති බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එය ලබන වසරේ ජනවාරි මස පළමු වනදා සිට ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

එමෙන්ම, පොලිස් නිළධාරින්ට රාජකාරි ඉටු කිරිමේදි මුහුණ පෑමට සිදු වන නෛතික කටයුතු සඳහා නීති ආධාර අරමුලක් පිහිටුවිමට ද කටයුතු කර තිබෙනවා.

එසේම සහකාර පොලිස් අධිකාරි තනතුරු වල සිට ඉහළ තනතුරු වලට වාහන සපයා ගැනිමේදි මෙතෙක් පැවැති වාහන හිමිකාරිත්වය තිබිමේ කොන්දේසිය ද ඉවත් කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published.