බ්‍රිතාන්‍යයේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළට

වසර 40කට වැඩි කාලයකට පසුව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ වැඩිම උද්ධමන අනුපාතය සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව උද්ධමන අනුපාතය සටහන්ව ඇත්තේ සියයට 9.4ක් ලෙසටය.

මීට පෙර 1982 වසරේදී එරට වැඩිම උද්ධමනය වාර්තා වී තිබුණි.

එරට ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පෙට්‍රල් සහ ආහාර මිල ගණන් වාර්තාගත ලෙස ඉහළයාම බ්‍රිතාන්‍යයේ උද්ධමනය අනුපාතය ඉහළ යාමට හේතු වී ඇති බවටය.

ලබන මාසය වනවිට බ්‍රිතානයේ බැංකු පොලී අනුපාතයද ඉහළ යා හැකි බවට එරට ආර්ථික විශේෂඥයින් විසින් පුරෝකතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published.