ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කනගාටු වෙනවා

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් පවතින දැඩි අර්බුදකාරි තත්ත්වය පිළිබඳ ඉන්දියාව කනගාටුවට පත්වන බව ඉන්දියාවේ විදේශ ඇමැති එස්. ජයිශංකර් මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (19) ඉන්දියාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල එකතුවෙන් පැවති සර්වපාක්ෂික සමුළුවේදීය.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය වැනි තත්ත්වයක් ඉන්දියාවේ ඇති නොවන බවට විදේශ ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

රැස්වීමේ ආරම්භක දේශනය පවත්වමින් ජයශංකර් මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් බරපතළ බැවින් ඒ පිළිබඳ දැනුවත් කිරීමට මේ රැස්වීම කැඳවූ බවත්, ලංකාවේ තත්ත්වය මීට පෙර අත්නොවිඳි බැරෑරුම් තත්ත්වයක් බවයි. ශ්‍රී ලංකාව පසුගිය වසර 70ක කාලයෙන් පසු මේ දක්වා නරකම ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත් උග්‍ර විදේශ විනිමය හිඟය, අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය, තෙල් සහ ඖෂධ ආනයනයට ද බාධා එල්ල කර තිබේ.

ආර්ථික අර්බුදයට අමතරව රජයට එරෙහි ජන නැඟීටීමක්ද රට තුළ පවතී. එය දේශපාලන අර්බුදයකටද හේතු වී තිබේ. මේ තත්ත්වය තුළ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හදිසි තත්ත්වයක් ද රට තුළ ප්‍රකාශ කර ඇති බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සර්වපාක්ෂික සමුළුව හමුවේ කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.