ගෞතම් අදානි ලොව ධනවත් ම පුද්ගලයන් අතර සිවු වැනි ස්ථානයට

ෆෝබ්ස් සඟරාවේ ‍රියල් ටයිම් බිලියනර්ස් ලැයිස්තුවට අනුව, ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි, මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ බිල් ගේට්ස් පසු කර ලොව සිවු වැනි ධනවත්ම පුද්ගලයා බවට පත් ව ඇති බව වාර්තා වෙනවා.

60 හැවිරිදි ගෞතම් අදානිගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 115.5 දක්වා මේ වන විට වර්ධනය වී තිබෙනවා.

බිල් ගේට්ස්ගේ වත්කම ඩොලර් බිලියන 104.6ක්.

ඩොලර් බිලියන 90ක වත්කමක් හිමි මුකේෂ් අම්බානි ලැයිස්තුවේ 10 වන ස්ථානයේ රැඳී සිටිනවා.

ටෙස්ලා සහ ස්පේස් එක්ස් නිර්මාතෘ එලොන් මස්ක් ඩොලර් බිලියන 235.8ක් සමඟ ලැයිස්තුවේ ඉහළින් ම සිටිනවා.

Leave a Reply

Your email address will not be published.