මම ඉලක්කම්වලින් පරාද වුවත් මගේ මතවාදය පරාජය කරන්න බෑ! – ඩලස්

තමන් ඉලක්කම්වලින් පරාජයට පත් වුවත්, තමාගේ දේශපාලන මතවාදය පරාජය කළ නොහැකි එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
ඔහු මේ බව කියා සිටින්නේ, ඊයේ(20) පාර්ලිමේන්තුවේ දී අභිනව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී තමා සමඟ තරග වැදී ජයග්‍රහණය කළ රනිල් වික්‍රමසිංහට තම සුභාශිංශන එකතු කරමින් නිකුත් කළ ට්විටර් නිවේදනයේ දී යි.
අදාළ ට්විටර් නිවේදනයේ වැඩි දුරටත් මන්ත්‍රීවරයා කියා සිටින්නේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන පවුල් 225ට වඩා, පාර්ලිමේන්තුවෙන් පිටත ජීවත් වන පවුල් මිලියන 5.8 ගැන සිතා තමන් පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බවයි.
එසේ ම තමන් කෙරෙහි විශ්වාසය තැබූ මන්ත්‍රීවරුන්ට සහ පක්ෂවලට තම ස්තූතිය පිරිනමන බව ද ඔහු එම පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published.