පොලීසියෙන් විශේෂ නිවේදනයක්

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුවූ ඕනෑම අපරාධයක් පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීමට කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විශේෂ කණ්ඩායමක් පත්කර තිබේ.

මේ අතර කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය තුළ, එහි ප්‍රධාන දොරටුව සහ කාර්යාලය අවට රැඳී සිටි විරෝධතාකරුවන් එම ස්ථානවලින් ඉවත් කර තිබේ.

පොලීසිය පැවසුවේ මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැළණිය, ඇඹිලිපිටිය, ජාඇල, රත්නපුර, සෙවනගල, වැල්ලම්පිටිය, පිටිගල, වාද්දුව, නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචි 26ත් 58ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් බවයි වාර්තාවෙයි.

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පරීක්ෂණ කටයුතු සදහා අපරාධ පරීක්ෂණ නිළධාරීන් හා ඇගිලි සටහන් පරීක්ෂණ නිළධාරීන් ඇතුළු අවශ්‍යතාවය අනුව වෙනත් විද්‍යාත්මක සාක්ෂි සදහා නිළධාරීන් කැදවීමට නියමිත බව පොලිස් මූලාස්ථානය පැවසීය.

Leave a Reply

Your email address will not be published.