ඇමරිකා තානාපතිනිය ජනපති හමුවෙයි

මෙරට ඇමරිකා තානාපතිනි ජුලි චන්ග් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කර තිබෙනවා.
විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳව තමා එහිදී දැඩි කනස්සල්ල ප්‍රකාශ කළ බවයි අය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ.
මෙය පුරවැසියන් මර්දනය කිරීමට කාලය නොවන අතර, ඒ වෙනුවට ජනතාවගේ විශ්වාසය යළි ඇති කර ගැනීමටත්, ස්ථාවරත්වය ඇති කිරීමටත්, ආර්ථිකය යළි ගොඩනැගීමටත් රජයට ගත හැකි ක්ෂණික හා ප්‍රත්‍යක්ෂ පියවර ගත යුතු කාලය බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.