සඳුදා සිට පාසල් ඇරඹෙයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත 2022 ජූලි 25 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය යළිත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම ද බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි  ක‍්‍රියාකාරකම් ලබාදෙන බවද දැනුම්දෙයි.

නැතහොත් බදාදා සහ සිකුරාදා මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව 2022.07.19 වන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට අනුව, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජය / සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය මෙම උපදෙස් ලබාදී ඇති බවද නැවත අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published.