ජනපති මන්දිරයේ භාණ්ඩ සොරකම් කළ ප්‍රධාන පිරිස හඳුනාගනී

අරගලකරුවන්ගේ ග්‍රහණයට පත් ජනාධිපති ලේකම් කාර්යලයට පසුගිය 09 වනදා සිට 21 වනදා දක්වා පැමිණි පිරිස් සම්බන්ධයෙන් අයුතු ඇතුළුවීම යන චෝදනාව යටතේ පොලීසිය විසින් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලීසිය පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ භාණ්ඩ රැසකට ඊට ඇතුළු වූ පිරිස් විසින් හානි සිදුකර ඇති බවය.

එමෙන්ම එහි ඇති CCTV දර්ශන මගින් පැමිණි පිරිස් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද පොලීසිය පැවසීය.

කොටුව ජනාධිපති මන්දිරයට ජූලි 09 වනදා ඇතුළු වී එහි භාණ්ඩවලට හානි කළ හා එහි තිබූ පෞරාණික භාණ්ඩ සොරකම් කළ ප්‍රධාන පිරිස පොලීසිය විසින් මේ වනවිට හඳුනාගෙන තිබේ.

ඒ එම ප්‍රදේශයේ වූ CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.

පොලීසිය පැවසුවේ බුද්ධි අංශ හා මහජනතාවගේ සහයෝගයෙන් එම පිරිස් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

මේ අතර ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යලයේ පුපුරණ ද්‍රව්‍ය ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීමට බෝම්බ නිශ්ක්‍රීය අංශය යොදවා තිබේ.

මේ පිළිබඳව කොළඹ මධ්‍යම භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝෂාන් ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකෙරෙයි.

Leave a Reply

Your email address will not be published.