මේ කැබිනට්ටුව සති දෙකක් වෙන්නත් පුළුවන් – මනූෂ

වත්මන් කැබිනට්ටුවද අන්තර්කාලීන කැබිනට්ටුවක් බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉදිරියේදී සකස්වෙන සර්ව පාක්ෂික ආණ්ඩුව ඉදිරි වසර දෙකහමාර ඇතුළත ක්‍රියාත්මක විය යුතු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා

මේ හදලා තියෙන්නෙත් අන්තර්කාලීන කැබිනට්ටුවක්. මාස හයක් නෙමෙයි, ඒක සමහරවිට සති දෙකක් වෙන්නත් පුළුවන්, මාසයක් වෙන්නත් පුළුවන්, මේ කාලය ඇතුළත සර්ව පාක්ෂික ආණ්ඩුවට ආරාධනා කරලා ඒ අය ආවහම සියලුදෙනා එකතු වෙච්ච කැබිනට් එකක් සකස් වෙනවා. මේක සර්ව පාක්ෂික ආණ්ඩුවේ කාලරාමුව මේ අවුරුදු දෙකහමාරේම යන්න ඕන. මැතිවරණයක් ඕන කියලා කියන කට්ටියට 22වන සංශෝධනය එනවා නේ, 22 වන සංශෝධනය ආවාම අවුරුදු හතර හමාරක් යනකල් විසුරුවන්න බෑ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවම කියනවා නම් විසිරෙමු කියලා විසිරෙන්න පුළුවන්. 22 අපි බදාදාට ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට, මේ 22වන සංශෝධනයත් එක්ක පාර්ලිමේන්තුවේ නියමිත කාලසීමාව ඒ විදියටම යනවා. මොකද ඒ යන ධුර කාලය ගිහිල්ලා තමයි මේ රටේ මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙන්නේ. ඒ ප්‍රශ්නය විසඳලා අපි මැතිවරණයකට යනවා.

Leave a Reply

Your email address will not be published.