අධිකරණ ඇමති සිය ධුරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කරයි

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා යළිත් සිය ධූරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද (25)  පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය .

එම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන රෝහණ හපුගස්වත්ත, එච්.සී.එස්.ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් එක් විය.

Leave a Reply

Your email address will not be published.