ජෝර්දානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අත්‍යවශ්‍ය ඖෂධ තොග පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන තිබෙයි

 තානාපති කාර්යාලයේ පූර්ණ මැදිහත් වීම යටතේ පසුගිය 19 වැනිදා මෙම අත්‍යාවශ්‍ය ඖෂධ තොගය මෙරටට එවූ බව තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ජෝර්දානයේ පිහිටි ඇඟලුම් කම්හල් කිහිපයක් මෙම පරිත්‍යාගය සඳහා සිය දායකත්වය ලබා ඇත.

මෙය කොවිඩ් 19 වසංගතය අතරතුර සිදු කරන ලද පරිත්‍යාග හතර ද ඇතුළුව තානාපති කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබූ පස්වන පරිත්‍යාගයයි.

Leave a Reply

Your email address will not be published.