දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (24) දිනය නිමා වන විට කඩුලු 06ක් දැවී ලකුණු 315ක් ලබා සිටී.

සිය සියවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 42ක් ලබා සිටියදි දැවි ගිය අතර දිනේෂ් චන්දිමාල් සිය 24 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 80ක් ලබා ගැනීමට සමත් විය.

නිරෝෂන් දික්වැල්ල නොදැවි ලකුණු 42ක් සහ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 6ක් ලබා කඩුල්ලේ රැඳීසිටී.

පන්දු යැවීමේ දී මොහොමඩ් නවාස් කඩුලු දෙකක් බිඳහෙළීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published.