රට තුළ පුරවැසි පාලනයක් ඇති කළ යුතුයි -අනුර

පවතින අර්බුදකාරී තත්වයන් විසඳීම වෙනුවෙන් රට තුළ පුරවැසි පාලනයක් ස්ථාපිත කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, සියලු පාර්ශව එක්ව නව පාර්ලිමේන්තු ජනවරමක් ලබාගැනීමට කඩිනමින් ක්‍රියාකළ යුතු බවය.

මහරගම ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

අපේ රටේ තියෙන ආර්ථිකය අනුව ණය ලැබෙනවා කියලා නැවත සහතිකයක් හදන්න බෑ. හිතන්න බැරි ඇයි දැනටමත් ගත්තු ඒවා දෙන්නේ නෑ කියලා තීරණය අරන් ඉවරයි මාර්තු මාසේ 31 වනදා ඉඳලා. හැම රටක්ම මෙවැනි අර්බුදවලදී ගොඩ ගියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෝ තවත් විදේශීය රටක් කවර රටක්වත් ගොඩ අරන් නෑ. හැම කඩා වැටුණු රටක්ම ගොඩ ගියේ ඒ රටේ සක්‍යතාවයෙන්. උදව් ගන්නවා කියන එකයි, රටක් ගොඩ දානවා කියන එකයි දෙකක්. මේ ඇති වී තිබෙන අර්බුදය අපිට හරි පැහැදිලියි. විශේෂ ජනතා නැඟිටීමක් තිබුණා. ජනතා නැඟිටීමේ යම් ප්‍රතිඵලදායක තියෙනවා. හැබැයි මෙතැනින් එහා තව ශක්තිමත් තැනකට අපි යන්න ඕනේ. පුරවැසි පාලනයක් අපේ රටේ නිර්මාණය කරන එක යන යහපත් ප්‍රතිසංස්කරණය කරන්නේ, ජාතික ජන බලවේගය මේ සටන අරන්. මේ රටේ කඩා වැටිලා තියෙන ආර්ථිකය ඉස්සරහට ගෙනල්ලා, ඉදිරියට ගෙන යෑමේ සැලසුම්, දැක්ම හා උවමනාවක් තියෙන්නේ ජාතික ජන බලවේගයට. ඒ නිසා මේ කල් පැනපු පාර්ලිමේන්තුව වෙනුවට නව ජනවරමක් සඳහා සටන අපි දියත් කරමු.

දේශපාලන අරමුණු පසෙකළා පාර්ලිමේන්තුව නියෝජනය සියලු පක්ෂ ආණ්ඩුවට එක්විය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා හම්බන්තොට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.