පොල්දූවේ විරෝධතාවයේ දී පැහැරගත් ගිනිඅවිය සොයාගනී

පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ පසුගිය 13වැනිදා පැවති විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් විසින් කොල්ලකන ලද ටී 56 වර්ගයේ එක් ගිනිඅවියක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ දියවන්නා ඔයේ පාලමක් යට තිබියදී එය සොයාගෙන ඇති බවය.

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල පොල්දූව මංසන්ධියේ පසුගිය 13 වැනිදා පැවති විරෝධතාව අතරතුර සෙබළු දෙදෙනෙකුගේ ටී 56 ගිනි අවි දෙකක් හා ජීව උණ්ඩ 60ක් අඩංගු පතරොම් ගැබ් 02ක් විරෝධතාකරුවන් පැහැරගෙන තිබුණි.

පොලිසිය පැවසුවේ ඉන් එක් ගිනි අවියක් හා හිස් පතොරම් ගැබක් නාවික හමුදා කිමිඳුම් බලකායේ නිලධාරීන් විසින් රාජගිරිය සමනල පාලම අසල දියවන්නා ඔයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පිහිටි පාලම යට තිබි පසුගිය 23වැනිදා සොයාගෙන ඇති බවය.

නාවික හමුදා නිලධාරීන් එම ගිනි අවිය සහ හිස් පතොරම් ගැබ වැලිකඩ පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර වැලිකඩ පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.