හිටපු මහබැංකු අධිපතිගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම  දීර්ඝ කර ඇත

ඒ අනුව මීට පෙර පැවැති තහනම ඔක්තෝබර් මස 26 වනදා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙයි

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් අද (25) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී එම නියෝගය නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් අමෙරිකානු ජාතික ඉමාඩ් සුබේරි යන අයට ගෙවීම තුළින් රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීම ඇතුළු චෝදනා මත කබ්රාල් මහතාට එරෙහිව එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල නැවතත් ඔක්තෝබර් මස 26 වනදා කැඳවීමට දින නියම විය.

Leave a Reply

Your email address will not be published.