දිනේෂ් ගුණවර්ධන අගමැති ධූරයේ වැඩ භාරගනියි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයේ වැඩ භාරගැනීම අද (25) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු විය.

ශ්‍රි ලංකාවේ 27 වැනි අගමැතිවරයා වශයෙන් පසුගිය 22වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දුන්නේය.

වැඩ භාරගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බොරළුගොඩ ප්‍රදේශයේ පිහිටි සිය මව්පියන්ගේ ස්මාරක වෙත ගෞරව දැක්වීමට පිටත්ව යාමට නියමිත බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.