අද දින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

අද දිනයේ (ජූලි 25) විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ, මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 43,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, මේ මාසය තුළ පමණක් 8,000 ඉක්ම වූ රෝගීන් පිරිසක් වාර්තා වී ඇති බව ය.

ඒ හේතුවෙන් මෙම විශේෂ ඩෙංගු මර්දන දිනය ප්‍රකාශයට පත් කර ඇති අතර අද දින රජයේ සහ පෞද්ගලික ආයතනවල කාර්ය මණ්ඩල පැයක කාලයක් තම පරිශ්‍ර පිරිසිදු කර ගැනීමේ කටයුතුවල යෙදිය යුතු ය.

ඩෙංගු රෝග පාලනය සඳහා සෑම ආයතනයකම වගකිවයුතු නිලධාරියෙකු යටතේ කමිටුවක් පත් කර එය අධීක්ෂණය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් සහය ලබා ගැනීමට ද කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published.