Monkeypox වසංගතය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉහළම අනතුරු ඇඟවීමක්

වඳුරු උණ රෝගය හෙවත් Monkeypox ව්‍යාප්තියත් සමග ඉහළ යාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

වඳුරු උණ වෛරසයේ ඉහළ ව්‍යාප්තිය ඊට හේතුවයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කළ හැකි ඉහළම අනතුරු ඇඟවීම මෙයයි.

එම සංවිධානය විසින් මෙම වෛරසය පිළිබඳ සාකච්ඡා කළ කමිටුවේ දෙවැනි රැස්වීම අවසානයේදී මෙම පියවර ගනු ලැබුවා. ඔවුන්ගේ දත්තවලට අනුව, වෛරසය ඇමෙරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඊශ්‍රායලය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 75 කින් වාර්තා වී ඇත. ‍‍‍

රෝගීන් 16,000 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් පවසන්නේ, මෙම වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පිළිබඳව ජාත්‍යන්තර අවදානය යොමු විය යුතු බවයි.

යුරෝපීය කලාපය හැර, අනෙකුත් සියලු කලාපවල මෙම වෛරසයේ ව්‍යාප්තිය ඉහළ අගයක් ගන්නා බවයි, ඔහු පවසන්නේ. වෛරසය ආසාදනයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. හදිසි තත්වය පැනවීමෙන් වෛරසය සඳහා එන්නත් නිෂ්පාදනය කඩිනම් කිරීම හා එහි පැතිරීම සීමා කිරීමට හැකි වනු ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ. වෛරසයේ ව්‍යාප්තියත් සමග ලොව රටවල් රැසක් එයින් ආරක්ෂාවීමට පියවර ගෙන ඇති අතර, බෙල්ජියම විසින් නිරෝධායන නීති සකස් කර තිබෙනවා. වඳුරු උණ මාරක වෛරසයක් නොවන නමුත්, ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයින්ට එය වැඩි සංකූලතා ඇති කරන බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට තවත් ඇත්තේ මෙවැනි හදිසි අවස්ථා දෙකක් පමණක් බවයි.

Leave a Reply

Your email address will not be published.