වසර 47කට පසු ඔස්ට්‍රියාවේ උද්ධමනය ඉහළට

ජූනි මාසයේදී 8.7%කින් ඔස්ට්‍රියාවේ උද්ධමනය ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔස්ට්‍රියාවේ උද්ධමනය එවැනි මට්ටමකින් ඉහළ ගොස් ඇත්තේ වසර 47කට පසුව බව ද වාර්තා වේ. අවසන් වරට ඔස්ට්‍රියාවට ඉහළ උද්ධමනයකට මුහුණ පෑමට සිදු වී ඇත්තේ 1975 වසරේ සැප්තැම්බර් මාසයේදීය.

ඉන්ධන, ආහාර සහ විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ ගොස් ඇති අතර, ඉන්ධන උද්ධමනය 63.2%ක් දක්වා ඉහළ යෑමෙන් එරට ජන ජීවිතය බිඳ වැටී ඇතැයි ඔස්ට්‍රියා මාධ්‍ය සඳහන් කළේය. ඊට අමතරව ස්වභාවික ගෑස් 71% කින් සහ ආහාර 11.5%කින් ඉහළ ගොස් තිබේ. උද්ධමනයට මුහුණ දීම සඳහා ඔස්ට්‍රියා රජය පසුගියදා සියලු පුරවැසියන්ට යුරෝ 500 බැගින් පිරිනැමීමට පියවර ගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published.