අගෝස්තු මාසයේදී සංශෝධිත අයවැයක්

එළඹෙන මාසය තුළදී සංශෝධිත අයවැයක් ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව දැනුම්දෙනු ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මේ වනවිට සියලු අමාත්‍යංශවල අයවැය ප්‍රතිශෝධනය කරලා සංඛ්‍යා කටයුතු අවසන් කර ඇති බවය.

ඒ අනුව ඉදිරි මාස කිහිපයට අදාළව එළඹෙන අගෝස්තු මාසයේදී මෙම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.