බණ්ඩාරනායක පිළිරුව අසල රැඳීසිටි සිව්දෙනෙක් අත්අඩංගුවට

අධිකරණ නියෝග නොතකමින් ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩගුංවට ගෙන තිබේ.

කොටුව පොලිසිය විසින් අද (26) උදෑසන ඔවුන් අත්අඩගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළ කිසිදු පාර්ශවයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා නියෝගයක් නිකුත් කර සිටියේය.

කෙසේවෙතත් එය උල්ලංඝනය කරමින් එම පිළිරුව අසල රැඳී සිටි පුද්ගලයින් කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අරගලකරුවන් සමග උණුසුම් තත්ත්වයක් ද ඇති වුණි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරෙන බව පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.