කොරෝනා රෝගීන්ගෙන් වාට්ටු පිරීයෑමේ අවදානමක්

කොවිඩ් ආසාදිතයන්ගේ පැහැදිලි වැඩිවීමත් සමඟ රෝහල් වාට්ටු රෝගීන්ගෙන් පිරීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඊයේ (25) ප්‍රකාශ කර ඇත.

මෙම වසංගතය ගෝලීයව වැඩිවීමත් සමඟ මෙරටින් වාර්තා වන ආසාදිතයන්ගේ වැඩිවීම අපේක්ෂා කළ හැකි බවත් ආසාදිතයන් වැඩි වුවහොත් ඔවුන්ට ප්‍රතිකාර දීමට වාට්ටු සූදානමින් පවතින බවත් ඒ මහතා පවසා ඇත.

මීට සති දෙකක පමණ සිට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් පැහැදිලිවම පෙන්නුම් කරන බවත් පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිතයන් හඳුනා ගන්නා බවත් හෙතෙම පවසා ඇත.

Leave a Reply

Your email address will not be published.