මාස හයක දී මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්න පුළුවන් – මහ බැංකු අධිපති

ස්ථාවර රජයක් පිහිටුවා දේශපාලනමය වශයෙන් අසීරු තීන්දු තීරණ ගැනීමට මෙම රජය සූදානම් නම් පවතින අර්බුදකාරී ආර්ථික වාතාවරණය මාස හය තුළ දී යම්කිසි දුරකට නිවාරණය කර ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
පවතින ස්ථාවර රජය අසීරු තීන්දු තීරණ ගැනීමට සූදානම් විය යුතු බව යි.
එම තීන්දු තීරණ ගැනීමේ දී දේශපාලන පදනම මත නො පිහිටා රට සහ ආර්ථිකය ගැන සලකා එම තීන්දු තීරණ ගත යුතු බවත් ඔහු අවධාරණය කරනවා.
විශේෂයෙන්ම බදු සම්බන්ධව තීන්දු තීරණ, එමෙන්ම පාඩු ලබන ආයතන සම්බන්ධ තීන්දු තීරණ සහ රජයේ ආදායම් වැඩි කර ගත හැකි ක්‍රියා මාර්ග කෙරෙහි රජයක් ලෙස බැලිය යුතු බව යි ඔහු අවධාරණය කරන්නේ.
එමෙන්ම රජය සුභසාධන වැඩපිළිවෙළින් ඉවත් විය යුතු බවත් ඔහු සඳහන් කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන මූලික වටයේ දී ගිවිසුම්ගත කිරීම් වහාම අවසන් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සිය රජයේ ස්ථාවරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දන්වා සිටිය යුතු බවත් ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන ගිවිසුම්ගත කිරීම් කඩිනමින් අවසන් කිරීමට හැකි වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙහි දී වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published.