මෙරට ඇඟලුම් අපනයනයේ ඉහළම ඩොලර් ඉල්ලම ජූනි මාසයේ

රී ලංකා ඉතිහාසයේ එක් මසක දී ඇඟලුම් අපනයනයෙන් ලද ඉහළම ආදායම පසුගිය ජූනි මාසයේ දී ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට සමත්ව තිබේ.

ඒ අනුව පසුගිය ජූනි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 536.65 ක අපනයන ආදායමක් මෙරටට හිමිව තිබෙන අතර එය මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ දී සුවිහේෂී ආදායමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) දළ වශයෙන් සියයට 6 ක් සහ සියලුම වෙළඳ භාණ්ඩ අපනයනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සඳහා දායක වෙමින් ඇඟලුම් කර්මාන්තය ජාතික ආර්ථිකයේ ශක්තිමත් පදනම ලෙස කටයුතු කරන අතර බලශක්ති සැපයුම සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතුවල සිදුවන අඛණ්ඩ බාධා වීම් හේතුවෙන් කර්මාන්තය අඛණ්ඩව සැලකිය යුතු සීමා කිරීම්වලට මුහුණ දෙමින් පසුගිය ජූනි මාසයේ දී වාර්තාගත ආදායමක් ලබාගැනීමට හැකිව තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ඒ අනුව පසුගිය ජූනි මාසය ගත්විට ශ්‍රී ලංකාව එක් මසක් තුළ උපයා ගන්නා ලද ඉහළම අපනයන ආදායම වන අතර ඊට අමතරව පසුගිය මැයි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 446.42 ක ආදායමක් ලබාගෙන තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා අඛණ්ඩව ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ඉක්මවූ අපනයන ආදායමක් සෑම මසකම ඇඟළුම් ක්ෂේත්‍රයෙන් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ.

ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 487.40 ක්ද පෙබරවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 468.13 ක් ද මාර්තු මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 435.20 ක්ද හිමි කරගෙන තිබෙන අතර ඊට අමතරව අප්‍රේල් මාසයේ දී හිමිව තිබෙන අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 418.64 කි. මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී මේ වසරේ මුල් මාස හයක කාලයේ දී ඇඟළුම් කර්මාන්තයෙන් මෙරටට හිමිව තිබෙන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2792.44 ක් බවද ශ්‍රී ලංකා මහ බංකුව පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published.