මන්කිපොක්ස් ලංකාවටත් එන්න පුළුවන් ද?

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්, මේ දිනවල බහුල ව කතානහ කෙරෙන වඳුරු උණ රෝගය පිළිබඳ අදහස් කිහිපයක් ම දක්වා තිබෙනවා.
එම සම්පූර්ණ විස්තරය පහතින්
ඊශ්‍රායලය, ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාව යන රටවලින්ද මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීමත් සමග වෛරසය ව්‍යාප්ත වූ රටවල් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇත. පැපොල රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන මන්කිපොක්ස් මිනිසුන් අතර පහසුවෙන් පැතිර නොයන අතර රෝගය සාමාන්‍යයෙන් මෘදු රෝග ලක්ෂණ පෙන්වයි. එහෙත් සංකූලතා ඇති රෝගීන්ට මෙය මාරාන්තික විය හැකිය. එසේම ලොවපුරා රටවල් ගඹනාවක පැතිරයමින් ඇති මෙම වෛරසය, සෞඛ්‍ය පද්ධතිය සහ පරීක්ෂණ සැලසුම් ඉතා දරුණු ලෙස පිරිහී ඇති සෞඛ්‍ය සේවා වටපිටාවක් තුළ ශ්‍රී ලංකාවට ද මෙම ආසාධනය ඇතුළු වීමේ පැතිර යෑමේ බරපතළ අවදානමක් පවතී.
රෝගය හඳුනා ගැනීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවට තිබේද?
Monkeypox පරීක්‍ෂා කිරීමට සහ රෝග විනිශ්චය කිරීමට ශ්‍රී ලංකාවේ හැකියාව ඇති යටිතල පහසුකම් තාක්ෂණය සහ පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව ඇති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ ඇති නමුත් අවශ්‍ය ප්‍රතික්‍රියක ගෙන්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් නො තිබීම හේතුවෙන් පරීක්ෂණ එකවර කිරීමේ හැකියාව නැත.
මන්කි ෆොක්ස් රෝගය හදුනා ගැනීම සදහත් පවතින සුදුසුම ක්‍රමය PCR පරීක්ෂණය වන ඇතර, ඒ සදහා සුවිශේශී PCR ප්‍රතික්‍රීයක කට්ටල ගෙන්වා ගත යුතුය.
කොවිඩ් සදහා ආරම්භ කල සියළුම රසායනාගාර වල මන්කි ෆොක්ස් පරීක්ෂාවද සිදු කල හැකි වන අතර, ඉදිරියේ දී බොහෝ රෝග හදුනා ගැනීමට අනුක ජීවී රසායනාගාර විශාල වශයෙන් ප්‍රයෝජනවත් වේ.
නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා වේගයෙන් එම රසායනාගාර පද්ධතිය වසා දැමීමේ උත්සාහයක නිරත වෙමින් සිටින අතර, රසායනාගාර සේවා අංශයට සෞඛ්‍ය සේවාවේ අනාගත අවශ්‍යතා පිළිබද කිසිදු සැලසුමක්, දැක්මක්, පුරෝකථණයක් හෝ අවම තරමින් හැගීමක් හෝ නොමැත.
එබැවින් මන්කිෆොක්ස් රෝගය හෝ නැවත ඇතිවිය හැකි කොවිඩ් රැල්ලක දී නැවත නැවත රසායනාගාර ඉදි කරන්නට සිදු වන තත්වයකට රසායනාගාර සේවාව ඇද වැටී ඇති නිසා, අනවශ්‍ය අනතුරක් නිර්මාණය වී ඇත.
වඳුරු උණ රෝගය කෙතරම් සුලබද?
වඳුරු උණ උවදුරට හේතු වන්නේ වසූරිය වැනි වෛරස් පවුලේම සාමාජිකයෙකු වන වඳුරු උණ වයිරසය යි. නමුත් එහි දරුණු බව අඩු මට්ටමක පවතින අතර විශේෂඥයින් පවසන්නේ ආසාදනය වීමේ සම්භාවිතාව ද අඩු බවයි.
එය බොහෝ දුරට මධ්‍යම සහ බටහිර අප්‍රිකානු රටවල ග්‍රාමීය ප්‍රදේශවල, නිවර්තන වැසි වනාන්තර ආසන්නයේ ආසාදනය වීම ආරම්භය සිදු වේ.
බටහිර අප්‍රිකානු සහ මධ්‍යම අප්‍රිකානු ලෙස මෙම වෛරසයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් ඇත.
රෝග ලක්ෂණ මොනවා ද?
ආරම්භක රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, ඉදිමීම්, කොන්දේ වේදනාව, මාංශ පේශි කැක්කුම සහ උදාසීනත්වය යි.
උණ අඩුවී ගිය පසු, බොහෝ විට මුහුණේ කැසීමක් ඇති වී, පසුව ශරීරයේ අනෙකුත් කොටස්වලට (බොහෝ විට අත් සහ පාද වෙත) ද පැතිර යා හැක.
කැසීම දරුණු විය හැකි අතර, අවසානයේ විවිධ අවධීන් හරහා ගොස්, හැලී යන කබොල්ලක් බවට පත්වේ. අවසානයේ තුවාල කැළැල් ඉතිරි විය හැක.
ආසාදනය සාමාන්‍යයෙන් ස්වයං ව පහව යන අතර දින 14 සිට 21 දක්වා පවතී.
තද උණ
වසා ගැටිති ඉදිමීමමාංශ පේශි සහ ශරීර කැක්කුම
ඇඟපුරා බිබිලි මතුවීම
කුෂ්ඨ වැනි තුවාල
පිටෙහි වේදනාව

එය වැළඳ‍ෙන්නේ කෙසේද?
වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ තුවාල, ශරීර තරල, ශ්වසන ජල බිඳිති සහ ඇඳ ඇතිරිලි වැනි දූෂිත ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් මන්කිපොක්ස් වෛරසය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වේ.
යමෙක් ආසාදිත පුද්ගලයෙකු සමඟ සමීපව ඇසුරු කරන විට වඳුරු උණ රෝගය පැතිර යා හැක. තුවාල වූ සම, ශ්වසන මාර්ගය හෝ ඇස්, නාසය හෝ මුඛය හරහා වයිරසය ශරීරයට ඇතුළු විය හැකිය.
එය ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන ආසාදනයක් ලෙස මීට පෙර විස්තර කර නැති නමුත් එය ලිංගිකව එක්වීමේදී සිදුවන සෘජු ස්පර්ශයකින් සම්ප්‍රේෂණය විය හැක.
වඳුරන්, මීයන් සහ ලේනුන් වැනි ආසාදිත සතුන් සමඟ සම්බන්ධ වීමෙන් හෝ ඇඳ ඇතිරිලි සහ ඇඳුම් වැනි වෛරසය ගෑවුණු වස්තූන් මගින් ද එය පැතිර යා හැකිය.
එය කෙතරම් භයානකද?වෛරසයේ බොහෝ අවස්ථාවන් දැඩි නොවූ අතර සමහර විට පැපොල රෝගයට සමාන යැයි කිව හැක. එය සති කිහිපයක් ඇතුළත ස්වයං ව පහව යයි.
කෙසේ වෙතත්, වඳුරු උණ උවදුර සමහර විට වඩාත් දරුණු විය හැකි අතර, බටහිර අප්‍රිකාවේ මරණ සිදු වූ බවට වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published.