මන්දිරවල දේපොළට හානි කළ 150ක් හඳුනා ගනී

අත්අඩංගුවට ගන්නා මෙහෙයුම් කඩිනමින්

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය යන ස්ථානවලට කඩා වැදී එහි දේපොළවලට හානි කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් 150ක පමණ පිරිසක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමුඛ විමර්ශන කණ්ඩායම් විසින් හඳුනාගෙන තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයට කඩා වැදී හානි කිරීම් සම්බන්ධයෙන් දැනට හඳුනාගෙන ඇති සැකකරුවන් ගණන 55ක් වන අතර අග්‍රාමාත්‍ය කාර්යාලයට හානි කිරීම් සම්බන්ධයෙන් මේ වන විට හඳුනාගෙන ඇති සැකකරුවන් ගණන 15කි. සෙසු පිරිස් ජනාධිපති මන්දිරයට සහ අරලියගහ මන්දිරයට හානි කිරීම් සහ එම ස්ථානවල දේපොළ සොරා ගැනීම් සම්බන්ධයෙන් හඳුනාගත් අය බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම පිරිස් අත්අඩංගුවට ගැනීමට, කඩිනමින් මෙහෙයුම් ආරම්භ කරන බවත් නීතිපති උපදෙස් ගෙන පොදු දේපොළ පනත සහ පුරා විද්‍යා පනත ආදී පනත්වලින් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.