රාහුල් ගාන්ධි මුදාහරියි

මුදල් විශුද්ධිකරණ පිළිබඳ චෝදනා මත ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂ සභාපතිනි සෝනියා ගාන්ධි තුන්වැනි වරටත් එරට මූල්‍ය වංචා විමර්ශන ආයතනයේදී ප්‍රශ්න කිරීමට ලක් වෙද්දී රජයට එරෙහිව විරෝධතාවක නිරත වීම නිසා පොලිස් රැඳවුම් භාරයට ගෙන සිටි එම පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පෙරේදා රාත්‍රියේහිම මුදා හැරීමට දිල්ලි පොලිසිය කටයුතු කර ඇතැයි වාර්තා වේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු භාරතීය ජනතා පක්ෂය රජයට එරෙහිව දිල්ලි අගනුවර පාර්ලිමේන්තු සංකීර්ණය අසල මහමාර්ග අවහිර කරමින් මේ විරෝධතාව පවත්වා තිබේ.

රාහුල් ගාන්ධි සමග කොංග්‍රස් මන්ත්‍රීවරු 57 දෙනෙක්ද, පක්ෂ ක්‍රියාකාරීහු 200කට ආසන්න පිරිසක් ද දිල්ලි පොලිසිය විසින් රැඳවුම් භාරයට ගනු ලැබූහ. දිල්ලි නුවර කිංග්ස්වේ පොලිස් කඳවුරේ රඳවා තබාගත් කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ඊයේ රාත්‍රී 8.30ට පමණ මුදා හරිනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published.