රූපවාහිනී නිවේදිකාව සිහිසුන්ව බිම ඇදවැටිලා බ්‍රිතාන්‍ය අගමැති සටනේ සජීව විවාදය කොට උඩ

බ්‍රිතාන්‍ය අගමැතිධුරයට සහ පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට තරග වදින රිෂී සුනාක් සහ ලිස් ට්‍රවුස් අතර පෙරේදා පැවැති දෙවැනි රූපවාහිනී සජීව විවාදය අතරමග අත්හිටුවීමට සිදු වී තිබේ. ටෝක් ෂෝ රූපවාහිනී චැනලය ඔස්සේ පැවැති මේ සජීවි විවාදය අත්හිටුවීමට සිදු වී ඇත්තේ ලිස් ට්‍රවුස් අදහස් පළ කරමින් සිටියදී එම සංවාදය මෙහෙයවූ ටෝක් ෂෝ නාලිකාවේ දේශපාලන අංශයේ ප්‍රධානී කේට් මැකැන් එක්වරම සිහිසුන්ව බිම ඇද වැටීම හේතුවෙනි.

කේට් මැකැන් බිම ඇද වැටෙන මොහොතේ රූපවාහිනී කැමරාව අගමැතිධුර අපේක්ෂිකා ලිස් ට්‍රව්ස් වෙත එල්ල වී තිබිණි. එක්වරම යම්කිසි අසාමාන්‍ය ශබ්දයක් නිකුත් වීමත් සමග ලිස් ට්‍රවුස් ‘අනේ දෙවියනේ‘ කියමින් සිය දෑත් කම්මුල් මත තබා ගත් අයුරු සහ පසුව ඇය එම ස්ථානයෙන් ඉවත්ව බිම ඇද වැටී සිටි කේට් වෙත දිව යන අයුරු සජීවිව විකාශය වී තිබේ. සංවාදය මෙහෙයවූ කේට් මැකැන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වූවද, විවාදය තවදුරටත් නොපවත්වන ලෙස ලද වෛද්‍ය උපදෙස් මත එය අත්හිටුවීමට රූපවාහිනි නාලිකාව තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව පැයකට නියමිතව තිබූ මේ විවාදය අවසානයේ පැය භාගයකටත් වඩා අඩු කාලයකදී නිමාවට පත්වී තිබේ.

Leave a Reply

Your email address will not be published.