ව්‍යාපාරවලට ඉන්ධන අවසර පත් ක්‍රමය මත වාහන කිහිපයක් ලියාපදිංචි කළ හැකියි

රථ වාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට දැන් ඔවුන්ගේ සියලුම වාහන ජාතික ඉන්ධන බලපත්‍රයේ ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ලියාපදිංචි කළ හැකි බවට අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.

එමෙන්ම යන්ත්‍රෝපකරණ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි කළ හැකිවන අතර ඒ සඳහා අවශ්‍ය ඉන්ධන අවශ්‍යතා සතිපතා නිකුත් කෙරීම සිදුකරනු ලබන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසයි. 

මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ඊයේ රාත්‍රී 8.30 වන විට ලියාපදිංචි වී ඇති සමස්ත පාරිභෝගිකයින් සංඛ්‍යාව මිලියන 4.25කි.

එසේම ඉන්ධන පිරවුම්හල් 481ක් ඊයේ දිනය වන විට ලියාපදිංචි වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා. එහිදී සිපෙට්කෝ පිරවුම්හල් 409ක් සහ IOC පිරවුම්හල් 72ක් ලියාපදිංචි වී ඇත.

ඊයේ දිනයේදී ජාතික ඉන්ධන බලපත්‍රයේ QR ඛේත ක්‍රමය ඔස්සේ වාහන 158,208ක් ඉන්ධන ලබාගෙන ඇති බවද අමාත්‍යවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published.