ආණ්ඩුව මර්දන ක්‍රියාමාර්ග වහා හකුළාගත යුතුයි

ආණ්ඩුව අරගලයේ නියුතු කණ්ඩායම්වලට එරෙහිව කරන මර්දන ක්‍රියාමාර්ගය වහාම නැවැත්විය යුතු බවත් ජාතික ජන බලවේගය එයට එරෙහිව ජනතාව සමඟ ඒකාබද්ධව කටයුතු කරන බවත් එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරේදා (26) පස්වරුවේ ගෝල්ෆේස් අරගලකරුවන් සමඟ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි. මෙය බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ.

කිසිදු තරුණ, තරුණියක පහරදීමකට ලක් නොවිය යුතු යැයිද මෙහිදී ප්‍රකාශ කළ දිසානායක මහතා, හදිසි නීතියෙන් නොව සාමාන්‍ය නීතියෙන් මේ රට පාලනය කළ හැකි බව ද මෙහිදී සඳහන් කළේය.ආණ්ඩුව මේ වන විට ද ජනතාව දක්වන විරෝධතාවයේ සත්‍ය පදනම තේරුම් ගෙන නැති බව ද ජාතික ජන බලවේගයේ නායකයා පැවසීය.මේ අවස්ථාවට ගෝල්ෆේස් අරගලකරුවන් නියෝජනය කරමින් සහභාගි වූ නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පැවසුවේ, රජය අරගලයට සම්බන්ධවූවන්ට එරෙහිව ක්‍රියාත්මක කරන මර්දනයට එරෙහිව දේශපාලන සහ විවිධ කණ්ඩායම් සමඟ මේ වන විට සාකච්ඡා කරන බවයි.

Leave a Reply

Your email address will not be published.