සර්ව පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂයේ සහාය දිය යුතුයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දෙන්නැයි විපක්ෂයේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බව සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) පැවසීය.

රටේත්, රටේ දරුවන්ගේත් අනාගතය ගැන සිතා එලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්පූර්ණ සහයෝගය දියු යුතු බව මන්ත්‍රීවරයා කීවේය.හදිසි නීති නිවේදනය පිළිබඳ විවාදයට එක් වෙමින් වෙල්ගම මහතා එසේ කියා සිටියේය.

ඩලස් අලහප්පෙරුම මහතා තමන්ගේ දිගු කාලීන මිත්‍රයකු වුව ද මේ මොහොතේ රටට ගැළපෙන නායකත්වයක් තෝරා ගෙන තිබෙන බව හෙතෙම ප්‍රකාශ කළේය.

අලහප්පෙරුම මහතා බලය ගත්තේ නම් එතුමන්ට නටන්න වෙන්නේ ත්‍රස්තවාදීන් කියන ආකාරයට යැයි ද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.