රාගම දුම්රිය ස්ථානයේ කටයුතු වලට බාධා -සේවකයින් රැසකට කොවිඩ් ආසාදනය වෙයි

රාගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය සේවකයින් රැසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද(28) පෙරවරුවේ සිට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇණහිට තිබෙයි

රාගම දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තහවුරු වී ඇත.

මේ හේතුවෙන් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සහ මහජන සම්බන්ධතා කටයුතු අද උදෑසන සිටම අත්හිටුවීමට පියවර ගෙන තිබිණි

කෙසේ වෙතත්  දුම්රිය ස්ථානයේ අනෙකුත් කාර්යන් සාමාන්‍ය පරිදි සිදු වන බව ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published.