ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුමක් නෑ!” ලෝක බැංකුව තරයේ අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික තත්ත්වය සහ එහි බලපෑම පිළිබඳව තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවත්, “ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකර බවය ලෝක බැංකුව පවසනවා.
ඖෂධ, ඉවුම් පිහුම් ගෑස්, පොහොර, පාසල් ළමුන් සඳහා ආහාර සහ දිළිඳු හා අවදානමට ලක්විය හැකි නිවාස සඳහා මුදල් හුවමාරු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟය මඟහරවා ගැනීම සඳහා, ලෝක බැංකුව විසින් සිය ණය කළඹේ පවතින ණය යටතේ ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බව ද ලෝක බැංකුව කියා සිටින අතර, අද වන විට මෙම අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 160 ක් පමණ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ලබා දී තිබෙන බව ද ලෝක බැංකුව පවසනවා.
මීට අමතරව, දැනට ක්‍රියාත්මක වන අනෙකුත් ව්‍යාපෘති මූලික සේවාවන්, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් බෙදා හැරීම, පාසල් ආහාර සහ උපකාරක පන්ති අත්හැරීම් සඳහා අඛණ්ඩව සහාය දක්වන බව ද ලෝක බැංකුව ප්‍රකාශ කරනවා.
එබැවින් ලැබෙන සම්පත්, ආර්ථික අර්බුදය හමුවේ දිළිඳුභාවයට හා ආර්ථිකමය අවදානමට ලක්ව සිටින සහ ලක් විය හැකි පිරිස් වෙත ළඟා කරවීම සහතික කිරීම සඳහා ශක්තිමත් පාලනයන් සහ විශ්වාසනීය අධීක්‍ෂණයක් ස්ථාපිනය කිරීමට කටයුතු කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුව නිරන්තර අධීක්ෂණයක සිටින බව ද සඳහන් කරනවා.
ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා තම සහයෝගයේ බලපෑම උපරිම කිරීම සඳහා ලෝක බැංකුව අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව සම්බන්ධීකරණ කටයුතු කරන බව ද ලෝක බැංකුව තම නිවේදනය ඔස්සේ කියා සිටිනවා.
එබැවින් ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කිරීමට ගැඹුරු හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බැවින් ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රකෘතියට සහ සංවර්ධනයට ඔරොත්තු දීමට නම්, අර්බුද‍යේ මූලය ව්‍යුහාත්මකව ආමන්ත්‍රණය කිරීම අත්‍යවශ්‍ය ම දෙයක් බවත් ලෝක බැංකුව තම නිවේදනය ඔස්සේ දක්වා සිටිනවා.

Leave a Reply

Your email address will not be published.