ඉරාකයේ විපක්ෂ ක්‍රියාකාරීහු පාර්ලිමේන්තුව අත්පත් කරගනිති

නව අගමැතිවරයකු පත් කිරීමට විරෝධය පළ කරමින් ඉරාකයේ විපක්ෂ ක්‍රියාකාරීන් ද ඇතුළුව සිවිල් වැසියන් දහස් ගණනක් එරට පාර්ලිමේන්තුව අත්පත් කරගෙන තිබේ.

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර එරට පාර්ලිමේන්තුව පිහිටා තිබෙන අතර ඉරාක රාජ්‍ය අමාත්‍යාංශ, විදෙස් තානාපති කාර්යාල ද එහි පිහිටා තිබෙන බව වාර්තා වෙයි.

ඉරාක ආරක්ෂක අංශ සාමාජිකයන් විරෝධතාකරුවන්ට හරස් වුවද විරෝධතාකරුවන් එම බාධක බිඳගෙන පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ඇතුළු වී තිබෙන අතර පාර්ලිමේන්තු සභා ගැබට පිවිස ගී ගයමින්, කථානායකවරයාගේ ආසනයේ අසුන් ගනිමින්, විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් කටයුතු කළ බව එම වාර්තා සඳහන් කරයි.

මේ වන විට ඉරාකයේ දේශපාලන අර්බුදයක් පවතින අතර එම අර්බුදය හේතුවෙන් වැඩබලන අගමැතිවරයා වශයෙන් මුස්තාෆා අල් කදීම් කටයුතු කරයි. නව අගමැතිවරයා ලෙස මුහම්මද් අල් සුදානීගේ නව යෝජනා කිරීමට අල් කදීම් තීරණය කර තිබේ.

මෙය විපක්ෂයට නායකත්වය දෙන ඉරාකයේ ප්‍රධානතම ෂියා මුස්ලිම් ආගමික මෙන්ම දේශපාලන නායකයෙකු වන මුබාඩා අල් සදාර්ගේ අප්‍රසාදයට හේතුවක් වී තිබෙන බවද මුහම්මද් අල් සුදානී දැඩි ඉරාන හිතවාදියකු බවද වාර්තා වෙයි.

වැඩබලන අගමැතිවරයාගේ තීරණයට විරෝධය පළකරමින් ඉරාක වැසියෝ එරට පාර්ලිමේන්තුවට කඩා වැදී සිටිති.

Leave a Reply

Your email address will not be published.