ජූනි මස අපනයන ඉපැයුම් 20%කින් ඉහළට

පසුගිය ජූනි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 1,208 යි දශම දෙක දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.
එය සියයට විස්සක ඉහළ යෑමක්.
ඊට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ ඇඟළුම් සහ රෙදිපිලි, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාරපාන සහ මුහුදු ආහාර අපනයන ඉපයීම් ඉහළ යෑමයි.
ඇඟළුම් සහ රෙදිපිළි අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 566 යි දශම හතයි අටක් ජූනි මාසයේදී උපයා ඇති අතර, තේ අපනයනයෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 116 යි දශම හතරයි නවයක්.
ඇමරිකානු ඩොලර් මිලියන 102 යි දශම තුනයි හයක් රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.