බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හා ජනපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (28) හමුවක් සිදුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා ඇති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය සඳහන් කර ඇත්තේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ ක්‍රියාවලිය, මානව හිමිකම්වලට අනුකූලව කටයුතු කිරීම ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි එහිදී අවධානය යොමුවී ඇත.

සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තුළ දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙන බවද ඇය ට්විටර් සටහනෙන් වැඩිදුරටත් සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.