ගෙවුණු පැය 24 දී ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

උඩුපුස්සැල්ලාව – රපානවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව අනෙක් තැනැත්තා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි රපානවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාල ලබා ඇත්තේ 21 හැවිරිදි තරුණයෙකු බවයි.
රපානවත්ත ප්‍රදේශයේදි තරුණයින් 05 දෙනෙකු මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, ඔවුන් අතර ඇති වු බහින්බස් වීමක් අවසානයේ මෙම පහරදීම සිදු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර විමර්ශන උඩුපුස්සැල්ලාව පොලිසිය මගින් ක්‍රියාත්මකයි.
මේ අතර, බලංගොඩ – තොටුපලතැන්න ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් ගෙළ කපා ඝාතනය කර තිබෙනවා.
බලංගොඩ පොලිසිය පැවසුවේ, මරණකරු 78 හැවිරිදි අයෙක් බවයි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැති අතර, මරණකරු තනිව නිවසෙහි ජීවත් වන අයෙක් බවයි පොලිසිය පැවසුවේ.
ඝාතකයින් අත් අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published.