තේ දළුවලට හොඳ මිලක්

තේ දළු මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව කුඩා තේ වතු හිමියන්ගේ සංගමය පවසනවා.
කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ සභාපති තුෂාර ප්‍රියදර්ශන පවසන්නේ මාස කිහිපයකට පෙර රුපියල් 100 -130ත් අතර පැවැති තේ දළු කිලෝවක මිල ඩොලරයට සාපේක්ෂව ඉහළ යමින් අද වනවිට රුපියල් 260 ඉක්මවා ගොස් ඇති බවයි.
සහනදායි මිලකට පොහොර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කරමින් තේ දළු අස්වැන්නේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට ජාතික මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා පැවසුවා.

Leave a Reply

Your email address will not be published.