ජුලී චන්ග්-අලි සබ්රි අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් ඊයේ(29) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණ.

එහිදී ශ්‍රී ලාංකික ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩ සහාය,දෙරට අතර ආයෝජන සහ වෙළඳාම,ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය මෙන්ම ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ද්වි පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගනිමින් ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා කළ බව ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published.