ජනාධිපති දළදා වැඳපුදා ගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අද (30) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය.

ජනාධිපතිවරයා  දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත ගොස් පුෂ්පෝහාර දක්වා ආගමික වතාවත්වල නිරතව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තේය.  ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  දළදා මාළිගාවේ විශේෂ අමුත්තනන් වෙනුවෙන් වෙන් කර ඇති කුටිය වෙත ගොස් සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබුවේය.

Leave a Reply

Your email address will not be published.