මැතිසබා උත්සවයට ජනපති ධජය නෑ

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට මෙවර ප්‍රථම වතාවට ජනාධිපතිවරයාගේ ධජය එසවීමට කටයුතු නොකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

ජනපති ධජය සහ  අති ගරු යන නාමය භාවිතා නොකිරීමට ජනාධිපතිවරයා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති හෙයින් ජනපති ධජය එම උත්සවයේදී  එසවීමට කටයුතු නොකරන බවද  ඔහු සඳහන් කළේය.

උත්සවයේදී  ජාතික ධජය පමණක් එසවීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇත.

වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ලබන තුන්වෙනිදා ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.