ලංගමයෙන් දෙන තෙල් වික්කොත් රූට් පර්මිට් කැන්සල්

ලංගමයෙන් ඩීසල් ලබාගෙන ධාවනයෙන් ඉවත්ව, ඉන්ධන ජාවාරමේ යෙදෙන පෞද්ගලික බස් රථවල ධාවන බලපත් අවලංගු කරන්න යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

ඒ අනුව දිගින් දිගටම ලංගම මගින් ඉන්ධන ලබාගෙන මගී ජනතාවට තම සේවාව නොදෙන පෞද්ගලික බස්රථවල ධාවන බලපත් අවලංගු කරන ලෙස ප්‍රවාහන ඇමැතිවරයා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී ලංගම බලධාරීන් කියා සිටියේ දිනකට බස්රථ 5,000කට වැඩි ප්‍රමාණයකට ඉන්ධන ලබා දෙන බවයි. එයින් මගී ජනතාවට සිය සේවය නිසි පරිදි සපයන්නේ 70%ක පමණ බස් රථ ප්‍රමාණයක් වන අතර, අනෙකුත් බස් රථ ලංගම ඩිපෝවලින් ලබා ගන්නා ඉන්ධන වැඩි මිලට වෙනත් පාර්ශ්වලට අලෙවි කිරීම දිගින් දිගටම සිදු කරයි. එවැනි ක්‍රියා නතර කිරීමටත්, එලෙස අයථා ක්‍රියා කරන බස් රථවල මාර්ග බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන ලෙසත් ඇමැතිවරයා අදාළ නිලධාරීන්ට උපෙදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published.